Connect with us

ක්‍රීඩා

බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්

Published

on

අද (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

මුලින් ලකුණු රැස් කළ සංචාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කළ නමුත්, පන්දු 11ක් තිබියදී කඩුලු 02ක් පමණක් දැවී මෙම ඉලක්කය කරා පහසුවෙන් යාමට බංග්ලාදේශ පිලට හැකිවිය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය.

සිව්වන පන්දුවාරයේ බිනුර යොමුකළ පළමු පන්දුව සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ ගෑවී කඩුලු රකින කුසල් මෙන්ඩිස් රැකගත් අතර, සර්කාර් දැවීගිය බවට පිටියේ විනිසුරුවරයා නම් කර තිබුණි. කෙසේවෙතත්, බංග්ලාදේශ පිල විසින් මෙම තීන්දුව තෙවැනි විනිසුරුවරයාට යොමුකිරීමෙන් අනතුරුව ඔහු නොදැවුනු ක්‍රීඩකයෙක් ලෙසට නම් කෙරුණි.  Ultra edge තාක්ෂණය හරහා එය දැවී යාමක් බවට තහවුරු වීමත් සමග තුන්වන විනිසුරුවරයාගේ මෙම තීන්දුව විශාල ආන්දෝලනයක් ඇති කළේය.

මේ අනුව, ශ්‍රී ලංකා පිල සහ  සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සමව පවතියි.

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved