විදෙස්

අවුන් සාන් සු චී නිවාස අඩස්සියට

Published

on

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ව නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබේ.

2021 පෙබරවාරි මාසයේදී ඇරඹුනු හමුදා පාලනයත් සමග බලයෙන් පහකෙරුණු සූ චී ව සිරකර තැබුණි.

ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය සංකේතයක් ලෙස සැලකෙන නොබෙල් සාම ත්‍යාගලාභිනියක් වන සූ චී, නිදහස් කරන මෙන් දිගින් දිගටම මියන්මාර් හමුදාවට බලපෑම් එල්ල විය.

දීර්ඝ කාලයක් පුරාවට රඳවා තබාගෙන සිටි ඇයගේ සෞඛ්‍යය පිරිහී ඇති බවට වාර්තා වුවද, එම වාර්තා අසත්‍ය බවත් ඇය යහපත් සෞඛ්‍ය මට්ටමෙන් පසුවන බවද මියන්මාර් බලධාරීන් වැඩිදුරටත් දක්වයි.

ඉන් අනතුරුව ඇයව රඳවාගෙන සිටි අතර ඉන් පසුව මෙලෙස නිවාස අඩස්සියට පත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Trending

Exit mobile version