2011 දි විනාශයට පත් ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම අද (24) ජපානය විසින් ආරම්භ කර තිබේ.
මීට එරෙහිව ජපානයේ අසල්වාසී රටවල් කිහිපයක විරෝධය පළ කර ඇති අතර, ජපානයෙන් මුහුදු ආහාර ආනයනය තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබේ.
ජපානයේ මුහුදු ආහාර නිෂ්පාදන වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නා රට චීනය වන අතර, වසරකට චීනය හා හොංකොං විසින් මිලදී ගන්නා මුහුදු ආහාර නිෂ්පාදන වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් ඉක්මවයි.
චීනය යනු ෆුකුශිමා බලාගාරයේ ජලයට මුදාහැරීම පිළිබඳව වඩාත් වාචිකව විරෝධය පෑ රටකි.
ජපානය පවසන්නේ මෙලෙස මුදාහරින ජලය හානිදායක නොවන බවයි. මීට විද්‍යාඥයන් රැසක්ද එකඟ වන අතර, මෙම වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේද අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව, මීලඟ තිස් වසර තුළදී ෆුකුශිමා බලාගාරයේ රඳවා ඇති ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සාගරයට මුදාහැරෙනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.