පසුගියදා විනාශ වී ගිය ටයිටන් සංචාරක සබ්මැරීනයේ සුන්බුන් අතර, මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි කොටස් හමුවී ඇතැයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසා තිබේ.
මෙම සබ්මැරීනයේ සුන්බුන් කැනඩාවේ ශාන්ත ජෝන් වරායට ඊයේ ගොඩබා තිබුණි.
ඇමෙරිකානු වෛද්‍ය විශේෂඥයන් විසින් අනුමානය කළ සිරුරු කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පස්දෙනෙකු රැගත් ටයිටන් සබ්මැරීනය පසුගියදා විනාශයට පත්වුණි.
යාත්‍රාවේ සිටි එම චාරිකාව සංවිධානය කළ ඕෂන්ගේට් සමාගමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් වන 58 හැවිරිදි හමීෂ් හාඩින්, බ්‍රිතාන්‍ය ජාතික බිලියනපතියෙක් වන ශාෂදා ඩාවුඩ් (48), ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා (19), සහ පළපුරුදු මුහුදු ගවේෂකයෙක් වන 77 හැවිරිදි පෝල් හෙන්රි ඉන් මියගියහ.