විදෙස්

පොලිසියේ සිය ගණනක් ලුවිස්ටන් වෙඩිකරුව සොයයි

Published

on

ඇමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ වෙඩි තැබීම සිදුකළ වෙඩිකරුව පොලිසියේ සියගණනක් සොයමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති නමුත්, ඇමෙරිකානු මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ මරණ ගණන 16 -22 අතර පවතින බවයි.

ලුවිස්ටන් හි ‘බෝලිං’ ක්‍රීඩාගාරයක් තුළ සහ ඊට නුදුරින් පිහිටි මත්පැන් හලක මෙම වෙඩි තැබීම් සිදුකර ඇතැයි වාර්තාවේ.

මෙයින් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ සැකකරු ලෙස රොබර්ට් ආර්. කාඩ් නම් 40 වියේ පසුවන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බවයි.

Trending

Exit mobile version