වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ.
මෙම නඩු විභාගය වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් වූ අතර මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාග අතරටද එක්වන්නක් විය.
67 හැවිරිදි Truong My Lan දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.
වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව වූ අතර සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් (පවුම් බිලියන 35ක්) ලබා ගැනීම සම්බන්ධයෙන් ඇය වරදකාරිය වූවාය.
ප්‍රධාන විත්තිකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම හිමි වූ අතර විත්තිකරුවන් සියලු දෙනා වැරදිකරුවන් විය. හතර දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරගත විය. ඉතිරි පිරිසට වසර 20 සිට වසර තුන දක්වා සිරදඬුවම් නියම කර ඇත. Truong My Lan ගේ සැමියාට සහ ලේලියට පිළිවෙළින් අවුරුදු 9ක සහ 17ක සිරදඬුවම් නියම විය.