විදෙස්

ෂී – බ්ලින්කන් හමුවෙයි

Published

on

මේ වන විට චීනයේ බෙයිජිං අගනුවර දෙදින සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් – ඇන්තනි බ්ලින්කන් මහතා  චීන ජනාධිපති – ෂී ජින්පිං මහතාව අද (19) හමුවී තිබේ.

බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේදී (Great Hall of the People) හිදී මෙම හමුව පැවැත්වුණි.

මෙම හමුවට පෙර බ්ලින්කන් මහතා චීනයේ ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන වාන්ග් යී මහතා හා එරට විදේශ කටයුතු අමාත්‍ය චින් ගාං සමග දීර්ඝ සාකච්ඡා පවත්වා තිබුණි.

තමා සමග ඍජු හා ගැඹුරු ලෙසින් සාකච්ඡා පැවති බවට වාන්ග් යී හා චින් ගාං මහතුන් තමාට විස්තර කළ බව චීන ජනපතිවරයා මෙහිදී පවසා ඇත. 

චීනය විසින් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්, ඇමෙරිකානු ජනපති බයිඩ්න් හා තමා බාලි අගනුවරදී ඇති කරගත් පොදු අවබෝධයන් අනුගමනය කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
දෙපාර්ශවය විසින් යම් ප්‍රගතියක් ලබමින් නිශ්චිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවද චීන මාධ්‍ය වාර්තා කරයි.

රටවල් අතර ගණුදෙනු සැමවිටම අන්‍යෝන්‍ය ගෞරවය සහ අවංකභාවය මත පදනම් විය යුතු බවත්, චීන – ඇමෙරිකා සබඳතා ස්ථාවර කිරීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට සිය සංචාරය හරහා බ්ලින්කන් මහතාට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, චීන ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version