බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
එසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ සම්බන්ධයෙනි.
මෙම වරෙන්තුවට අනුව ඇයට අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.
තවද, බංගලාදේශයේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද වරෙන්තු නිකුත් කර තිබේ.