විදෙස්

ඇෆ්ගන් සිසුවියන්ට, ශිෂ්‍යත්ව සඳහා විදේශගතවීමත් අකැප වෙයි!

Published

on

ඇෆ්ගන් සිසුවියන් විදෙස් ශිෂ්‍යත්ව සඳහා යාමද තලෙයිබාන් සංවිධානය විසින් නවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වී ඇත.

මේ සමඟ පසුගිය වසර අවසානයේදී විදේශ ශිෂ්‍යත්ව රැසක් ඇෆ්ගන් සිසුවියන් සියයකට පමණ ලැබී තිබුණු අතර,  ඇතැමුන් විදේශගත වී සිය අධ්‍යාපන කටයුතු ද ආරම්භ කර තිබුණි.

කෙසේවෙතත්, පසුගිය ජූලි 23දා එලෙස විදේශගතවීමට ගුවන්තොටුපොල වෙත ගිය සිසුවියන් පිරිසක් යළි හරවා යැවීමට ඇෆ්ගන් බලධාරීන් කටයුතු කර ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

මෙම ක්‍රියාව ජාත්‍යන්තර මට්ටමෙන් දැඩි විවේචනයට ලක්ව ඇත.

මේ අතර, ඇෆ්ගනිස්ථානයේ දුර්ගුණ හා ගුණධර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් සාදික් අකිෆ් මුහාජිර් බීබීසීයට පවසා කිබුණේ ඉහත සිද්ධිය පිළිබඳව ඔවුන් නොදන්නා බවයි.

Trending

Exit mobile version