විදෙස්

ඕස්ට්‍රේලියාවත් සංක්‍රමණිකයන් ගණන අඩකින් කපා හරින්න යයි

Published

on

ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව, 2025 ජුනි වන විට වසරකට ඕස්ට්‍රේලියාවට ඇතුල් වීමට ඉඩදෙන සංක්‍රමණිකයන් ප්‍රමාණය 250,000 දක්වා අඩුකෙරෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නව නීති සැලැස්ම යටතේ ජාත්‍යන්තර සිසුන් සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති ද දැඩි වනු ඇතැයි ද පැවසේ.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයාර් ඕ’නීල් විසින් අද දිනයේදී මාධ්‍ය හමුවකදී වසර 10ක සංක්‍රමණ උපාය මාර්ගයක් එළිදක්වා තිබේ.

මෙම වසර මුලදී සිදු කරන ලද සමාලෝචනයක් මඟින් හෙළිදරව් වී තිබුණේ සංක්‍රමණ පද්ධතිය ‘බිඳවැටී ඇති’ බවත්, අනවශ්‍ය ලෙස සංකීර්ණ, මන්දගාමී සහ අකාර්යක්ෂම බවත්, මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත්ය.

ඕස්ට්‍රේලියාව කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවී ඇති අතර, නිවාස හා යටිතල පහසුකම් දුෂ්කරතා සම්බන්ධ ගැටළු වැඩිකිරීමට හේතුවී ඇත.

කෙසේවෙතත්, එරට පුහුණු ශ්‍රමිකයන්ගේ ද හිඟයක් පවතියි.

පසුගිය සතියේදී බ්‍රිතාන්‍යයද පවසා සිටියේ එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය සීමා කිරීමට දැඩි නීතිරීති හඳුන්වාදෙන බවයි.

සබැඳි පුවත් :

බ්‍රිතාන්‍යය, සංක්‍රමණ නීති තවත් දැඩි කරයි

Trending

Exit mobile version