චීනයේ හිටපු අගමැති ලී ක’චියැං (Li Keqiang) මහතා මියගොස් තිබේ.
අද (27) අලුයම ෂැංහායි නුවරදී විවේක සුවයෙන් සිටියදී හෘදයාබාධයකට ලක්වූ ලී මහතාව බේරාගැනීමට දැරූ සියළු පියවර ව්‍යර්ථ වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
මියයන විට ලී මහතා 68 වැනි වියේ පසුවිය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ බලවත්ම පුද්ගලයෙකු වූ ඔහු, එම පක්ෂයේ 16 – 19 වැනි මධ්‍යම කාරක සභා වල දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු විය.