විදෙස්

නව නීතිය නිසා දකුණු කොරියානුවන්ගේ වයස අඩුවෙයි

Published

on

දකුණු කොරියාව මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද දෙක වෙනුවට අද (28) සිට පිළිගත් ක්‍රමවේදයට අනුගත වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

මේ හේතුවෙන් සියලු දකුණු කොරියානු ජාතිකයන්ගේ වයස අවුරුද්දකින් හෝ දෙකකින් අඩුවනු ඇත.

දකුණු කොරියාවේ පැවති එක් සම්ප්‍රදායික ක්‍රමයක් මගින් මව්කුසේ සිටි කාලයද ගණනය කරමින් දරුවෙකුගේ උපතේදී වයස වසරක් ලෙස සලකයි. මෙය සියවස් ගණනක් පැරණි කොරියානු වයස ගණන් කිරීමේ ක්‍රමයයි. අනෙක් ක්‍රමය යටතේ උපන් දිනය කවදා සිදුවුවවත්, එළඹෙන වසරේ ජනවාරි 01දා ට වයස වසර 1ක් ලෙස ගණනය කෙරුණි.

මෙම සාම්ප්‍රදායික ක්‍රම හේතුවෙන් රක්ෂණ ගෙවීම් සහ රජයේ ආධාර වැඩසටහන් සඳහා සුදුසුකම් නිර්ණය කිරීමේදී ගැටළු පැනනැගී තිබුණු අතර, එය අනවශ්‍ය සාමජීය හා ආර්ථික වියදම් ඇති කළ බවට එරට ජනපතිවරයා පසුගිය ජනාධිපතිවරණයට පෙර පවසා තිබුණි. මේ අනුව, කොරියානු පාර්ලිමේන්තුව විසින් මෙම ක්‍රමවේදයන් ඉවත් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී ඡන්දය ලබාදී තිබුණි.

Trending

Exit mobile version