විදෙස්

නැගෙනහිර යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් 17ක් මරුට

Published

on

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති අතර මියගිය පිරිස අතර කුඩා දරුවකු සිටින බවද පවසයි.

යුක්‍රේන ජනපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි විසින් මොස්කව් වෙත දෝෂාරෝපණය එල්ල කරමින් මියගිය පුද්ගලයන් කිසිදු වරදක් සිදු නොකළ බවත් මෙම ප්‍රහාරය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් බවද ප්‍රකාශ කර ඇත.

තවද ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර මියගිය පිරිස තවත් වැඩි විය හැකි බව පවසයි.

මාර්තු මාසයේ සිට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා යුක්‍රේන වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් මෙය වේ.

Trending

Exit mobile version