නේපාලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට තුළ ටික්ටොක් භාවිතය තහනම් කර තිබේ.
එම සමාජ මාධ්‍ය ජාලයේ ඇති අන්තර්ගතය එරට සමාජීය සමගියට හානිකර බව පවසමින් නේපාල බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ජාලා සමාගම් විසින් රට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අවශ්‍ය වන බවට නව නීතියක් රටට හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇත.
කෙසේවෙතත්, නේපාලයේ පවතින සභාග රජයේ සාමාජිකයෙකු වන නේපාල කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ගගන් තාපා මහතා විසින් මෙම තීරණය ප්‍රශ්ණ කර තිබේ. ඔහු පවසා ඇත්තේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට ගත් උත්සාහයක් බවත්, නිලධාරීන් සිදුකළ යුත්තේ ටික්ටොක් නියාමනය කිරීමට අවධානය යොමු කිරීමට බවත්ය.
මාසික පරිශීලකයින් බිලියනයක් පමණ සිටින ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විසින් තහනම් කර ඇත.