විදෙස්

බයිඩ්න් ඊශ්‍රායලයට

Published

on

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත ගොස් තිබේ.

පසුගියදා ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

අද දිනයේ ඊශ්‍රායලයේ ටෙලි අවිව් වෙත ගොඩ බැස ඇති ඇමෙරිකානු ජනපතිවරයා, ඊශ්‍රායල් ජනපති – බෙන්ජමින් නෙතන්යාහු විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ. ඔවුන් දෙදෙනා අතර, ද්වීපාර්ශ්විය හමුවක්ද අද දිනයේදී පැවැත්වෙනු ඇත.

ඊශ්‍රායලයේ සිට ජෝර්දානය වෙත ගොස් අරාබි කලාපයේ නායකයන් හමුවීමට මුලින් බයිඩ්නන් ජනපතිවරයා තීරණය කර තිබුණද, පසුගිය දින වල වැඩිදුරටත් ඇවිලී ගිය යුද ගිනිදැල් හේතුවෙන් එම හමුව ජෝර්දානය විසින් අත්හිටුවා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ වෙනුවට බය්ඩ්න් ජනාධිපතිවරයා විසින් යළිත් ඇමෙරිකාව බලා යන අතරතුරේදී පලස්තීන අධිකාරියේ හා ඊජිප්තුවේ නායකයන් හමුවීමට නියමිතය.

Trending

Exit mobile version