මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව තායි බලධාරීන් පවසා තිබේ.
බැංකොක් නුවර චතුචක් උද්‍යානයේ මහල් ගොඩනැගිල්ලක් තප්පර කිහිපයකින් කඩාවැටී ඇති බව බැංකොක් හී හදිසි වෛද්‍ය විද්‍යා පිළිබඳ ජාතික ආයතනය පැවසීය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද එම ආයතනය පවසා තිබේ.
වැඩිදුරටත් වාර්තා වුණේ අදාළ ගොඩනැගිල්ල මහල් 20කින් සමන්විත වූවක් බවය.
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.