මේ වන විට යුරෝපා සංචාරයක නිරත ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (මැයි 06) දිනයේදී පැරිසියේ එලිසී මාලිගයේදී ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.
මෙම සාකච්ඡාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය වන උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය ද එක්විය.
මොවුන් හමුවීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කර ඇති චීන ජනාධිපතිවරයා, මෙම ත්‍රෛපාර්ශ්වික හමුව, යුරෝපීය මට්ටමෙන් මෙම සංචාරයට වැඩි වැදගත්කමක් එක්කරන බවත් පවසා ඇත.
චීනය සැමවිටම යුරෝපා සංගමය සමඟ ඇති සබඳතාවලට ප්‍රවේශ වන්නේ මූලෝපායික හා දිගුකාලීන ඉදිරිදර්ශනයකින් වන බවත්, චීනය විසින්, සිය නවීකරණත්වය කරා යන මාවතේ වැදගත් හවුල්කරුවෙකු ලෙස යුරෝපය සලකන බවත් ෂී මහතා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත.
මේ අතර, X පණිවිඩයක් නිකුත් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසා ඇත්තේ වසරකට වඩා තරමක කාලයක් තුළ තෙවැනි වරටත් චීන ජනාධිපතිවරයාව හමුවූ බවත්, එය එකිනෙකා හා එකඟ විය හා එකඟ විය නොහැකි කරුණු පිළිබඳ විවෘත හා අවංක අදහස් හුවමාරු කරගැනීමක් වූ බවත්ය.
භූ දේශපාලනික ගැටළු, ආර්ථික සබඳතා හා දේශගුණික විපර්යාස ඇතුළු මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුනු බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ඊයේ දිනයේ පැරිස් අගනුවරට ළඟාවිය. අද දිනයේදී ඔවුන්ව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් උත්සවාකරයෙන් පිළිගෙන තිබුණි.
මේ, 2024 වසර තුළ සිදුවන චීන ජනපතිවරයාගේ පළමු විදෙස් සංචාරය වන අතර, මෙය පස්වසරක කාලයක් තුළදී ඔහු ගේ දෙවැනි ප්‍රංශ සංචාරයයි.
මෙම වසරේදී චීනය හා ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සැපිරීම තවත් විශේෂත්වයති.
මෙම සංචාරයෙන් පසුව චීන ජනපතිවරයා විසින් සර්බියාවේ හා හංගේරියාවේ ජනපතිවරුන් ගේ ආරාධනා මත එම රටවලද නිල සංචාර වල නිරත වීමට නියමිතය.
ඔහු සමග චීන ජනපති ආර්යාව වන පං ලීයුවැං මහත්මියද, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු වන ත්සයි චී මහතා හා චීන විදේශ ඇමති වන වාං යී මහතාද මෙම සංචාරයට එක්ව සිටියි.