ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලා 3ක් පුරා පැතුරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිද්ධියෙන් පුද්ගලයන් 14 දෙනකු අතුරුදන් වී ඇති බවත් ස්පාඤ්ඤ බලධාරීන් පවසයි.
La Fonda නම් සමාජ ශාලාවේ හටගෙන ඇති මෙම ගින්න යාබද රාත්‍රී සමාජ ශාලා පුරාද පැතිරගොස් ඇති බවත් මීට හේතුව මේ දක්වා හෙළදරව් වී නැති බවත් ඒජන්සි වාර්තා වල දැක්වේ.
ගින්න හේතුවෙන් La Fonda සමාජ ශාලාවේ වහලය කඩා වැටීම හේතුවෙන් අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් අසීරු වී ඇතැයි එරට පොලිසිය පවසයි.