විදෙස්

06 දෙනෙකුට දිවි අහිමි කළ රතු මුහුදේ සබ්මැරීන අනතුර

Published

on

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවය. මියගිය සියලු දෙනා රුසියානු ජාතිකයන් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයින් 50 දෙනෙකු සබ්මැරීනය තුළ සිට ඇත.

එහි සිටි පිරිස අතර  රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි පුද්ගලයින් ද වේ.

ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Trending

Exit mobile version