Connect with us

පුවත්

ට්විටර් කාර්යාල සියල්ල හදිසියේම වසා දමයි

Published

on

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ.

එහි සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා (21) කාර්යාල නැවත විවෘත කරන බවය.

කෙසේවෙතත්, මෙම පියවර ගැනීමට හේතුවක් එම සමාගම විසින් සඳහන් කර නැත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

මේ අතර, සිය සේවකයන් වෙත තවත් විද්‍යුත් තැපෑලක් යවමින් ට්විටර් හි නව හිමිකරු වන ඊලොන් මස්ක් පවසා ඇත්තේ දැඩි කැපවීමකින් යුතුව වැඩි පැය ගණනක් වැඩ කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව

Published

on

By

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද (26) යි.

ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.

කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.

ඊයේ (25) හා පෙරේදා (24) ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විසින් විවාදයේදී අදහස් පළ කරන ලදී.

Continue Reading

පුවත්

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පත්කරයි

Published

on

By

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර ඇත.

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා විසින් සිදුකරන ලද මෙම පත්වීමට අදාළ පත්වීම් ලිපිය  ප්‍රවාහන,  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යාංශ කාර්යාලයේදී එස්.එස් මුදලිගේ මහතා වෙත පිරිනමන ලදී.

 ඒ අනුව ඒ මහතා දැනට දරනු ලබන අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් ( සැලසුම් ) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ ආවරණය කිරීම සිදු කරනු ඇත.

Continue Reading

පුවත්

අද දවසේ අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

අද (26) දවසේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved