ව්‍යාපාර

තවත් ආනයනික බිත්තර මිලියන 08ක් සතොස ට

Published

on

තවත් ආනයනික බිත්තර මිලියන 08ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව එම බිත්තර අද (28) සිට සතොස වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවත් සභාපතිවරයා පැවසුවේය.

උත්සව සමයේ පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහෝ වෙළෙඳසැල්වල බිත්තර තොග අවසන් වී ඇති අතර දිනකට බිත්තර මිලියනය බැගින් දිවයිනට ආනයනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version