රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමටය.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
සබැඳි පුවත් :
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන්ගේ වැඩ තහනම්
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මන්ත්‍රී අනුරුද්ධ ඇතුළු තිදෙනා රිමාන්ඩ්
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු 3ක් අත්අඩංගුවට