Connect with us

පුවත්

අල්ලස් කොමිසමේ අලුත් සාමාජික කාලය සීමා වෙයි!

Published

on

නව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අලුතින් පත් කෙරෙන කොමසාරිස්වරුන්ට හිමිවනුයේ දැනට එම තනතුරු දරන කොමසාරිස්වරුන්ට හිමිව ඇති ධුර කාලයේ ඉතිරිය වන වසර දෙකයි මාස 10ක කාලය සම්පූර්ණ කිරීමට පමණක් බව වාර්තා වේ.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ 1994 අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ 6 වැනි වගන්තිය මගින් පනවා තිබෙන විශේෂ විධි විධානයක් හේතුවෙනි.

එහි සඳහන් වන්නේ කොමසාරිස්වරුන්ට වසර 5ක ධුර කාලයක් හිමිවන බවය.

එහෙත් ධුරය දරද්දී මිය යන, ඉල්ලා අස්වන හෝ ධුරයෙන් ඉවත් කරනු ලබන සාමාජිකයකුගේ ධුර කාලය ඔහු අනුප්‍රාප්තික වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය විය යුතුය. යනුවෙන් එහි සඳහන්ය.

දැනට ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කළේ 2020 වසරේ දෙසැම්බර් මස 07 වැනිදාය.

ඒ අනුව ඔවුන්ගේ ධුර කාලය හමාර වන්නේ 2025.12.07 දිනය. ඊට පෙර මෙම වසරේදී ඔවුන් සිය තනතුරුවලින් ඉවත් කළහොත් අල්ලස් දූෂණ පනත ප්‍රකාරව අලුතින් පත්වන සාමාජිකයන්ට වත්මන් කොමසාරිස්වරුන්ගේ ධුර කාලයේ ඉතිරිය හමාර වන තෙක් වසර දෙකයි මාස 10ක කාලයක් තනතුරු දැරිය හැකි බව වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවයක්

Published

on

By

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලදී.

Q.2 – 940 දරන මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙතැන් සිට මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතය.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා A.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානයෙන් මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා ද පැමිණ සිටියේය.

අමාත්‍යවරයා ඇතුළු එම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සඳහා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , මාලදිවයින ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඇඩම් සාදික් මහත්මිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව

Published

on

By

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද (26) යි.

ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.

කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.

ඊයේ (25) හා පෙරේදා (24) ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විසින් විවාදයේදී අදහස් පළ කරන ලදී.

Continue Reading

පුවත්

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පත්කරයි

Published

on

By

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර ඇත.

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා විසින් සිදුකරන ලද මෙම පත්වීමට අදාළ පත්වීම් ලිපිය  ප්‍රවාහන,  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යාංශ කාර්යාලයේදී එස්.එස් මුදලිගේ මහතා වෙත පිරිනමන ලදී.

 ඒ අනුව ඒ මහතා දැනට දරනු ලබන අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් ( සැලසුම් ) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ ආවරණය කිරීම සිදු කරනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved