Connect with us

පුවත්

ඉන්දියාවේ නාඩාර්ලා ලංකාව් ධනය සූරා කෑ මහ ජාවරමක් අල්ලයි!

Published

on

ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ.

රේගු මධ්‍යම බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පළමුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ජාඇළ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී එම පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී දිවයිනේ ප්‍රධාන පෙළේ ටයර් අපනයන සමාගමක් නමින් සැකසු රේගු සටහන්කර කිහිපයක් හමුවී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එම සැකකරු සහ තවත් අයෙක් එකී ටයර් සමාගමේ නම අවභාවිත කර ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ ආනයනය කර ඇති බවය.

එසේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කළ කන්ටේනර් 144ක තොරතුරු එහිදී ලැබී තිබුණි.

පසුව තවත් බහාලුම් 5ක් වැලිසර ප්‍රදේශයේ සඟවා තිබියදී  හමුවිය.එම බහාලුම් 5 සහ අපනයනය කර තිබූ බහාලුම් 44 සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශන අවසන් වනතෙක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාර ගත කෙරිණි.

අනතුරුව රේගු විමර්ශන නිමවා සැකකරුවන්ට රුපියල් ලක්ෂ 400ක දඩයක් පනවා බහාලුම් 5ක් රාජසන්තක කර තිබේ.

තවදුරටත් විමර්ශන සිදුකළ රේගු බුද්ධි නිලධාරීන් ඊට මසකට පසුව නැවතත් තවත් බහාලුම් 10ක් ව්‍යාජ ලේඛන සකසා අපනයනය කිරීමට තැත් කිරීමේදී එය අනාවරණය කරගැනීමට සමත්විය.

ඊට සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර විමර්ශන නිමවනතෙක් ඔවුන්ව රිමාන්ඩ් කෙරිණි.

ඊට පසුව සිදුකළ විමර්ශන වලදී තවත් බහාලුම් දෙකක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

එම සැකකරුවන් ගෙන් ලැබුණු තොරතුරු අනුව හෙළිවී ඇත්තේ ඒ ආකාරයට බහාලුම් 144ක් ඉන්දියාවට අපනයනය කර ඇති බවය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි රේගු මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන්ට තවත් ජාවාරම්කරුවන් පිරිසක් අපනයනය කිරීමට සූදානම් වූ බහාලුම් 5ක් ගැන තොරතුරු ලැබී තිබේ.

එය අනාවරණය වී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

මේ වනවිට බහලුම් 22ක් රේගුව භාරයේ තිබේ.

ඒ සම්බන්ධයෙන්ද විමර්ශන නිමකර ඇති බව සඳහන් ය.

රේගු වාර්තා සඳහන් කරන්නේ ව්‍යාජ තොරතුරු සඳහන් කර ජාවාරම්කරුවන් විසින් අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ බහාලුම් 200ක් පමණ ඉන්දියාවට යවා ඇති බවය.

මෙරටින් ඉන්දියාවට මේ ආකාරයට ජාවාරම් කළ සියලු සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ව නීතියේ ඉදිරියට ගෙනඒමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇති අතර එසේම සමහර නැව් සමාගම්ද ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඊට සහාය වී ඇති බව අනාවරණයවී ඇතැයි වාර්තා වේ.

සැකකරුවන් අතර ද්විත්ව පුරවැසියන් දෙකක්…

සැකකරුවන් අතර මෙරට පුරවැසිභාවය හිමි ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙක්ද සිටීම විශේෂ සිද්ධියකි.

එබැවින් ඉදිරියේදී මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා අපනයනය සඳහා සූදානම් කර ඇති බහාලුම් ස්කෑන් කිරීමට ශ්‍රී ලංකා රේගුව සැලසුම් කර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල ස්කොට්ලන්තයත් පරදවයි

Published

on

By

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගැනීමට සමත් විය.

අබුඩාබිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18.1කදී ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10.1කදී කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළහ.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 4ක් දවා ගත්තාය.

ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3යි.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59යි.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කළා ය.

Continue Reading

පුවත්

මෛත්‍රීගේ කොරියා ගමන ගැන නිවේදනයක්!

Published

on

By

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවය.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

අධිකරණයෙන් වාරණ නියෝගයක් පවතින බැවින් පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේ දී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

පොලිසියේ විනය ගැන නිර්දේශ පොලිස්පතිට

Published

on

By

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ.

විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.

විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්ය.

කමිටුවේ නිර්දේශයන් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved