Connect with us

පුවත්

තැපෑලෙන් වංචාවක්

Published

on

දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු කරන්නේ නැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තැපැල්පති  එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා කියා සිටියේ, වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකතන  අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් මේ වනවිට ක්‍රියාත්මක බවය.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව වංචාවක් සඳහා යොදා ගැනීම  සිදු වෙමින් පවතින බව තැපැල්පතිවරයා පෙන්වා දෙයි.  

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවුඩ (SMS) මගින් ණය කාඩ්පත් (Credit Card)  තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරේ. 

මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබා දීම සිදු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත දුරකතන අංක වලින් විමසීම් කල හැකිය

තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව -1950

තොරතුරු තාක්ෂණ අංශය – 011 2542104 /0112334728/ 0112335978/ 0112687229/ 0112330072

පුවත්

පෑලියගොඩ අවටින් ඇල්ලූ ගණිකාවන් 25කට ගොනෝරියා හා හර්පීස්

Published

on

By

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ කළුවිතාරණ ඇතුළු නිලධාරීන් විසින් පසුගිය සතියේ මෙම වැටලීම සිදුකර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් සම්බන්ධයෙන් ලද තොරතුරු මතය.

මේ අනුව කාන්තාවන් විසි පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර මත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව කොළඹ ජාතික රෝහලේදී මෙම කාන්තාවන්ගේ ලේ සාම්පල රැගෙන කරන ලද පරීක්ෂණවලදී මෙම කතුන් විසි පස් දෙනාටම ගොනෝරියා, හර්පීස් වැනි සමාජ රෝග වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත.

මොවුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

පෑලියගොඩ පොලිස් වසමේ සිට ඇති මෙම කාන්තාවන් ලිංගිකව ඇසුරු කළ පුද්ගලයන් තම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවන ලෙසත් පෑලියගොඩ පොලිසිය ඉල්ලා සිටියි. එසේම වීදි ගණිකාවන් හෝ ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වන ලෙස ද පොලිසිය සඳහන් කර සිටියි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

කම්කරු දිනය අද 

Published

on

By

ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01 අදට යෙදී තිබේ.

වසර 1886 මැයි මස 01 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරයි.

මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් අද දිනයේ සංවිධානය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇත.

එමෙන්ම මැයි දින සැමරුම් උත්සව 19ක් ද මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ඉන් අනතුරු සහභාගීවීමට නියමිතය.

ජාතික ජනබලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගය කොළඹ චැතැම්වීදිය සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

Continue Reading

පුවත්

බදු සහන ලබන්නන් ගැන තොරතුරු වසන් කිරීමක්

Published

on

By

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක තීරු බදු සහන මත විද්‍යුත් වාහන ආනයනය කිරීමේ දී බදු සහන ලබන තැනැත්තා ප්‍රසිද්ධ කළ යුතුය යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය උල්ලංඝනය වී තිබෙන බව පසුගිය දා පැවති මුදල් කාරක සභාවේ දී අනාවරණය විය.

මෙම කොන්දේසිය අනුව බදු සහන ලබන තැනැත්තාගේ සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතු නමුත් කම්කරු අමාත්‍යාංශය මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ වාහන ආනයනය කර තිබෙන තැනැත්තන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, සේවය කරන රට පමණක් නොව රැකියාව ද නොමැතිවය.

වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත්තේ ඔවුන්ගේ නම් , විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සහ ආනයනය කළ වාහනයේ වටිනාකම වැනි සාමාන්‍ය තොරතුරු පමණි.

මෙම සාමාන්‍ය තොරතුරුවලට අමතරව අනෙක් තොරතුරු ද ලබා ගන්නා ලෙසට මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

ඒ අනුව එම තොරතුරු ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

ඊට ප්‍රතිචාර ලෙස කම්කරු අමාත්‍යාංශය දන්වා ඇත්තේ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීම අවශ්‍ය බව ය.

කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූයේ,

‘‘විනිවිදභාවය අවශ්‍යයයි කියන කොන්දේසිය මූල්‍ය අරමුදලෙන් එන්නේ බොහෝ දූෂණ වංචා සිදු වන නිසයි. දූෂණ වංචා නවත්වන්නයි විනිවිදභාවය ගෙනාවේ. ඒ අනුවයි සියලු තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කළ යුත්තේ. ජාතික හැඳුනුම්පත් අංකය වැනි රහස් තොරතුරු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් වෙන්න විධියක් නැහැ‘‘

බදු සහන වැඩසටහන යටතේ රුපියල් කෝටි ගණන්වල වාහන ආනයනය කර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ද විදේශවල සේවය කරන්නන්ට එම මුදල් ලැබුණේ කෙසේද යන ප්‍රශ්නය තිබෙන බව ද පවසා ඇති සභාපතිවරයා එම නිසා මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටින තොරතුරු ලබා දීම ගැටලුවක් ලෙස තමන් නොදකින බවත් පවසා ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved