Connect with us

පුවත්

හිරුණිකාට නොතීසි(Update)

Published

on

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසින්  නොතීසි නිකුත් කර ඇති අතර ඒ අධිකරණය හමුවේ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අධිකරණය මෙසේ නොතීසි නිකුත් කලේ ඌව පළාත් ආණ්ඩුකාර ඒම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන ව්‍යාපාරික හාඩි ජමාල්ඩින් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව යි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ පෙත්සම සළකා බැලීම සිදුවිය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා විසින් කාන්තාවකට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇති බව සඳහන් වේ.

මේ තුළින් වග උත්තරකාරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු විභාගයක් පවත්වා ඇයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

—————-

(පෙර පුවත 2024 අප්‍රේල් 18, ‍පෙ.ව.11:53)

හිරුණිකාට නොතීසි

මැයි මස 08 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  වෙත නොතීසි නිකුත් කර තිබේ.

ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි.

පුවත්

ජනපති, අගමැති හා විපක්ෂයේ මැයි දින පණිවිඩ

Published

on

By

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අප සියලුදෙනා වෙත අද පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ වෙනුවෙන් සියලුදෙනා සාමූහිකත්වයෙන් වැඩ කළ යුතු බවයි.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව ජනාධිපතිවරයා විසින්  සිහිපත් කර තිබේ.

ජනාධිපතිවරයා පැවසුවේ, නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කරන බවයි.

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.

මේ අතර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත බවය.

එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට කටයුතු නොකළ බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර ඊනියා රැළිවලට නොරැවටී රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අප සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය කම්කරු දින පණිවුඩයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ, මේ වසරේ සියලු දෙනා එක් වී ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනහිතකාමී, ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් සහ නායකයෙක් පත් කර රටක් ලෙස නැවතත් නැගී සිටීමට කාලය එළැඹ ඇති බවය.

මැයි දින පණිවිඩය සඳහන් කරන ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ මෙවර මැයි දිනය පවත්වන්නේ බලය මාරු කළ හැකි ජනාධිපතිවරණයක් අභිමුව සිට බවය.

මෙම වසර හුදු මැතිවරණ වසරක් පමණක් නොව, අපේ රටේ සාතිශය බහුතර ජනතාව අධිෂ්ඨානයෙන් එක්ව, ඉතිහාසය අලුතින් ලියන වසර බවටද පත්ව තිබෙන බව සඳහන් කරන අතර,

එම මැයි දින පණිවිඩය සටහන් කරමින්, සමාජයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් ගැඹුරු සාධනීය වෙනසක් වෙනුවෙන් පෙරට එන ලෙස ඔවුන් ජනතාවගෙන් මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

සජිත්ගේ වේදිකාවට අර්ජුන ගොඩවෙයි

Published

on

By

පලනි දිගම්බරම් මහතා විසින් තලවකැලේ සංවිධාන කළ සමගි ජනබලවේගයේ මැයි රැලියට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ගම්පහ දිස්ත්‍රික් නායක හා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද ගොඩවී ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීන් පසුව ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර සිටියේය.

පසුව හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසුව ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත්කරමින් රණතුංග මහතා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

Continue Reading

පුවත්

පොහොට්ටු මන්ත්‍රී රනිල්ගේ මැයි රැළියට

Published

on

By

මොණරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා පොහොට්ටු මැයි රැළියට සහභාගි නොවී එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සම්බන්ධ වී ඇතැයි වාර්තා වේ.

ඔහු මේවන විට එක්සත් ජාතික පක්ෂයේ වැල්ලවාය ආසන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරනු ලබයි.

ගයාෂාන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂයෙන් ත‍ේරුණ මන්ත්‍රීවරු පස්දෙනාගෙන් මනාප ඡන්ද 45,384 ක් ලබාගනිමින් පොහොට්ටු ලයිස්තුවේ පස්වැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved