Connect with us

පුවත්

දමිතා සහ සැමියා තවදුරටත් රිමාන්ඩ් (Update)

Published

on

මුල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන්  රැගෙන ආ අතර එහිදී අධිකරණය විසින් මෙම අඹුසැමි යුවළ ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

අදාළ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතරතුරදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු අප්‍රේල් මාසයේදී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

(පෙර පුවත 2024 අප්‍රේල් 17, ප.ව.12:53)

දමිතා අධිකරණය වෙත

මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඉකුත් 05 වැනි දා අධිකරණය විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන ලදී.

පසුගිය දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලද්දේ,  කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළව ය.

පුවත්

මත්පැන් අළෙවිසැල් හෙට වහයි

Published

on

By

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (01) දවසේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අළෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ.

Continue Reading

පුවත්

විභීෂණ බැසිල් වගේ බඩුවක් – විමල්  (වීඩියෝ)

Published

on

By

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ව්‍යාපෘති සමඟ දැන් ඉන්දියාව නව මුහුණුවරකින් ශ්‍රී ලංකාවට අත පෙවීමක් සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

දැනටමත් “ඉන්දු – ලංකා Connectivity වැඩපිළිවෙළ”  ආරම්භ වී තිබෙන බව පසුගිය දා පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා සඳහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” අපි දන්නවා, ‘රාමායනය’ පොතේ විතරයි ඔය ‘රාම – රාවණා කතාව’ තිබෙන්නේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ. පොතේ හැටියට රාවණා රජ්ජුරුවෝ පාවලා දෙන්නේ විභීෂණ. ටක්කෙටම බැසිල් රාජපක්ෂ වගේ බඩුවක්. පසුව රාමට වුවමනා විදිහට ලංකාව පාලනය කරන්නේ විභීෂණයි. ඒ පුරාවෘත්තය බලගන්වන සංස්කෘතික මෙහෙයුම දැන් අලුත් වටයකින් අරඹලා තිබෙනවා.”

(වීඩියෝ – VoiceTube)

Continue Reading

පුවත්

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

මැයි දිනය වෙනුවෙන් හෙට (01) කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍යම කරුණකට හැර හෙට පෙරවරු 11.00 න් පසු කොළඹ මාර්ග වලට වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද සිට කොළඹ නගරය ඇතුළු රැළි පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved