පුවත්

පෙරට්ටුවේදී වෛද්‍යවරිය සැකකරුව හඳුනාගනී

Published

on

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ සැකකරු අද (28) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළේය.

එහිදී මහේස්ත්‍රාත් නිල කාමරේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවතීමෙන් අනතුරුව එම ලිංගික හිංසනයට පත් වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන තිබේ.

අනතුරුව නැවත මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුව ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අප්‍රේල් මස 10වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ අතර අධිකරණ විභාගය අතරතුරදී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමක් සැකකරු විසින් සිදුකර ඇත.

ඒ සඳහා අවස්ථාව පවතින බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

සබැඳි පුවත්

Trending

Exit mobile version