Connect with us

පුවත්

අද සිට eVisa

Published

on

නව වීසා ක්‍රමවේදය හා නව මාර්ගගත ක්‍රමවේදය (eVisa)  අද (17) සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

eVisa ක්‍රමවේදය, ඊට අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා සහ මෙරට තුළ රැඳී සිටිය හැකි කාල සීමාව පිළිබඳව පසුගිය දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්  කරන ලදී.

eVisa පිළිබඳව දැනුවත් කිරීම් WWW.SRILANKAEVISA.LK  වෙබ් අඩවිය හරහා සිදුවේ.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය හරහා රටවල් රැසක සිට ඔන්ලයින් (Online) ඔස්සේ වීසා අයැදුම් කළ හැකි බවයි.

මෙම නව ක්‍රමවේදය හරහා සංචාරක වීසා මාස 6ක කාලයකට ලබා ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

පුවත්

විභීෂණ බැසිල් වගේ බඩුවක් – විමල්  (වීඩියෝ)

Published

on

By

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ව්‍යාපෘති සමඟ දැන් ඉන්දියාව නව මුහුණුවරකින් ශ්‍රී ලංකාවට අත පෙවීමක් සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

දැනටමත් “ඉන්දු – ලංකා Connectivity වැඩපිළිවෙළ”  ආරම්භ වී තිබෙන බව පසුගිය දා පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා සඳහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” අපි දන්නවා, ‘රාමායනය’ පොතේ විතරයි ඔය ‘රාම – රාවණා කතාව’ තිබෙන්නේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ. පොතේ හැටියට රාවණා රජ්ජුරුවෝ පාවලා දෙන්නේ විභීෂණ. ටක්කෙටම බැසිල් රාජපක්ෂ වගේ බඩුවක්. පසුව රාමට වුවමනා විදිහට ලංකාව පාලනය කරන්නේ විභීෂණයි. ඒ පුරාවෘත්තය බලගන්වන සංස්කෘතික මෙහෙයුම දැන් අලුත් වටයකින් අරඹලා තිබෙනවා.”

(වීඩියෝ – VoiceTube)

Continue Reading

පුවත්

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

මැයි දිනය වෙනුවෙන් හෙට (01) කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍යම කරුණකට හැර හෙට පෙරවරු 11.00 න් පසු කොළඹ මාර්ග වලට වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද සිට කොළඹ නගරය ඇතුළු රැළි පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

ගුවන්තොටේ සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

අද (30) උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වේ.

මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත් අඩංගුවට ගෙන ඇති අතර  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව  එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved