Connect with us

පුවත්

සීතා අරඹේපොලගෙන් සහතිකයක්

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කර සිටී.

එතුමිය විසින් පෙන්වා දෙනු ලබන්නේ, මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත ලෝකය ඉදිරියේ කරුණු දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බව ය.

සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වූ අතර එහිදී මෙම අදහස් පල කිරීම සිදුවිය. 

එහිදී සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා කාර්ය මණ්ඩල සවිබල ගැන්වීම / සේවාවන් ඇගයීම හා කාර්ය මණ්ඩල පිලිගැනීම මෙහිදී සිදු විය.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්වූහ.

පුවත්

ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

Published

on

By

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමිනි.

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව කටයුතු කල අතර,

එම තීරණයට එරෙහිව නීතිඥවරයෙකු  ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වමට දින නියම කෙරුණි.

Continue Reading

පුවත්

හොරු හොයනවා වෙනුවට දැන් තියෙන්නෙ දේශපාලන පාතාලයක්  – පාඨලී

Published

on

By

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (30) කැඳවා තිබුණි.

රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙ.ව. 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ඔහුව කැඳවා තිණි.

එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා, 

“මාර්තු 30 වෙනිදා මම රත්නපුරේ දී කරපු ප්‍රකාශයක් ගැන තමයි මේ පරිගණක අපරාධ අංශය එන්න කියලා තිබුණේ. මම හිතුවා අර රටේ බදු නොගෙවපු හොරු, බදු හොරු, ඒ වගේම බැංකු වලට පොලු තියපු හොරු, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන තමයි මේ හොයන්න යන්නේ කියලා. 

නමුත් ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් ඔය පරණ ප්‍රශ්න වැලම තමයි ඇහුවේ. 

ඉතින් මම මේ පිළිබඳ සවිස්තරාත්මක සාක්කියක්, කිසිම දෙයක් හංගලා නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභා ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ක්‍රියා කලාද, නැද්ද, මගේ සාක්ෂි සැලකිල්ලට ගත්තද, නැද්ද? කියලා මම දන්නේ නැහැ. 

පාර්ලිමේන්තුවේ මම අවස්ථා පහක මේ පිළිබඳව මගේ අදහස් දක්වලා තියෙනවා. 

ඉතින් ජනාධිපති කොමිෂන් සභාව, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු, කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න කියලා. 

ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අපිව කැඳව, කැඳවා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. 

මං හිතනවා ඊළඟ ආණ්ඩුවක මේ ආණ්ඩුවෙන් මේක වෙන්නෑ. ඊළඟ ආණ්ඩුවක වැදගත්ම දේ තමයි මේ අපරාධය පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න විසඳලා මේ සැක දුරු කරලා මියගිය 270 දෙනාටත් තුවාල ලැබූ 470කට අධික පිරිසටත් යුක්තිය ඉෂ්ඨ කරනවා. 

ඒ වගේම මේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙනවා දේශපාලන පාතාලයක්. ඒ දේශපාලන පාතාලයට ඕන විදිහට දේශපාලන පළිගැනීම් සඳහා මේ පොලිසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ පරීක්ෂණ අංශත් ගැනීම ගැන අපි තරයේ හෙළා දකිනවා. 

අනාගතයේ අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, ඒ වගේම බුද්ධි අංශත් ස්වාධීන කළ යුතුයි. එහෙම නැත්නම් මේ දේශපාලන පාතාලයට අවශ්‍ය විදිහට මේවා හැසිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

Continue Reading

පුවත්

මත්පැන් අළෙවිසැල් හෙට වහයි

Published

on

By

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (01) දවසේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අළෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved