කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් මෙම මස 08 වැනිදා වනවිට ඉවත් කරගන්නා ලෙස එම වෙළැඳසැල්හිමියන් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දන්වා ඇති බව කිඹුලාවල STREET FOOD වෙළඳ සංගමයේ සභාපති සිසිර දිසානායක මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
මෙලෙස මෙම වෙළැඳසැල් ඉවත්කරන ලෙස දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියකින් බවද පැවසේ.
කෙසේ නමුත් ඉවත් කිරීමට හේතුවක් නොදැන්වූ බවත් , මෙලෙස තම වෙළඳසැල් ඉවත්කර ගැනීමට සූදානම් නැති බවද එලෙස ඉවත් කළහොත් තම ජීවන උපාය නැතිවන බවද ඔවුන් පවසති.
සිසිර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘’08 වැනිදා අපට අයින් වෙන්න කියලා තියෙනවා . නාමල් , මධුර මන්ත්‍රීවරුන් අපට මේක පිලිවෙලකට කරගෙන යන්න කිව්වා..රීට්‍රීට් ෆුඩ් මෙහෙම තමයි… අපි කොච්චර පිරිසිදුව කලත් අපිව මේ අයින් කරන්න හදන්නෙ. RDA එකෙන් තමයි මේක කළේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ මුදලක් අයකරලා අපට මේක ලස්සනට කරගෙන යන්න දෙන්න. විදේශිකයින් මෙතන ඉන්නවා. රජය මෙහෙම කරන්න එපා. විදිමත්ව කරන්න දෙන්න…ෆොරිනස්ලා එකපාරට එන්නේ මෙතනට…ලියුම දුන්නේ RDA එකෙන් තුන්වෙනි වතාවට , හේතුවක් කියන්නේ නෑ ඉහලින් ආවා කියනවා..8 වෙනිදා අයින් වෙන්නේ නෑ මරාගෙන මැරෙනවා.ජනාධිපතිතුමා හැම තිස්සෙම කියනවා නයිට් ලයිෆ් එකක් අතිකරන්න කියලා .ජනාධිපතිවරයා ඇස් ඇරලා බලන්න…කඩ 27 විතර ඉන්නවා .කාගේ හරි බලපෑමකට තමයි මේක කරන්නේ. PHI වරු ස්ට්‍රීට් ෆුඩ් ගැන දන්නේ නෑ. කාගේ හරි උවමනාවට තමයි මේ නඩු දාන්නේ”
සබැඳි පුවත්
බන්දුල හා මධූර කිඹුලාවල කඩ කඩන්න හදන්නේ පිටගම්කාරයෝ පන්නන්නද?
කිඹුලාවල ‘ස්ට්‍රීටි ෆුඩ්’ කඩ වහන්නැයි RDA දැනුම් දෙයි
කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල?
Street Foods වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව ඇනහිටියි!