Connect with us

විදෙස්

බිලියනපතිනියට මරණ දඬුවම

Published

on

වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ.

මෙම නඩු විභාගය වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් වූ අතර මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාග අතරටද එක්වන්නක් විය.

67 හැවිරිදි Truong My Lan දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.

වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට  එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව වූ අතර සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් (පවුම් බිලියන 35ක්) ලබා ගැනීම සම්බන්ධයෙන් ඇය වරදකාරිය වූවාය.

ප්‍රධාන විත්තිකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම හිමි වූ අතර විත්තිකරුවන් සියලු දෙනා වැරදිකරුවන් විය. හතර දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරගත විය. ඉතිරි පිරිසට වසර 20 සිට වසර තුන දක්වා සිරදඬුවම් නියම කර ඇත. Truong My Lan ගේ සැමියාට සහ ලේලියට පිළිවෙළින් අවුරුදු 9ක සහ 17ක සිරදඬුවම් නියම විය.

පුවත්

වේල්ලක් කැඩී ආ ජලපහරෙන් 50ක් මරුට

Published

on

By

කෙන්යාවේ පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හමුවේ ජලාශ වේල්ලක ඉවුරු කැඩී යාම හේතුවෙන් කෙන්යාවේ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ

මෙම ඛේදවාචකය වර්තා වන්නේ නයිරෝබි අගනුවරට කි.මී. 60ක් පමණ දුරින් පිහිටි මායි මාහියු නම් ප්‍රදේශයෙනි.

රාත්‍රියේ නිදමින් සිටි ගම්වාසීන් මෙම ජලපහරට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වේ.

පසුගිය මාසයේදීද කෙන්යාවේ ඇති වූ අධික ගංවතුර තත්ත්වය හමුවේ සියදෙනෙකුට වඩා මියගොස් තිබුණි.

Continue Reading

කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

By

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Continue Reading

විදෙස්

නාවික හමුදා හෙලිකොප්ටර් අනතුරෙන් 10ක් මරුට

Published

on

By

පුහුණුවීමක් අතරතුරදී මැලේසියාවේ නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක හා ගැටීමෙන් අනතුරුව අනතුරට පත්ව තිබේ. 

එම අනතුරින් එම යානා වල සිටි කාර්ය මණ්ඉල සාමාජිකයන් දස දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ එරට රාජකීය නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved