Connect with us

ක්‍රීඩා

චන්දිමාල් හදිසියේම දිවයිනට

Published

on

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, “ඔහුගේ පවුලේ හදිසි වෛද්‍යමය අවශ්‍යතාවයක්” හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, ඔහු හැකි ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිතය.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, චන්දිමාල් ගේ ක්‍රීඩා සගයන්, හා පුහුණු කාර්ය මණ්ඩලය ඔහුට පූර්ණ සහයෝගය ලබා දෙන බවත්,  ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අද ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයයි.

ක්‍රීඩා

ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ

Published

on

By

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි විසිනි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරඟ තරඟ  පිටියේදී පැවැත්වෙන අතර පළමු තරඟය කටාර් සහ කසකස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

Continue Reading

ක්‍රීඩා

ආසියානු ශූරයන් නැවත දිවයිනට 

Published

on

By

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වූ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත දිවයිනට පැමිණියහ.

ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් විය.

එහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි සමත් වූ අතර, මීටර් 400 ×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

පිරිමි මීටර් 100 සහාය දිවීම ඉසව්වේ රිදි පදක්කම ද, කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකිවූ අතර,

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 එක්ව සිටියහ.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල ස්කොට්ලන්තයත් පරදවයි

Published

on

By

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගැනීමට සමත් විය.

අබුඩාබිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18.1කදී ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10.1කදී කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළහ.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 4ක් දවා ගත්තාය.

ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3යි.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59යි.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කළා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved