Connect with us

Uncategorized

පිටරට ගල්වී ඇති සල්ලිවලට බදු ගහන්න යයි!

Published

on

ඇතැම් අපනයන සමාගම් විදේශීය රටවල රඳවාගෙන ඇතැයි කියන ඇමෙරිකානු ඩොලර් බිලියන පනස් තුනක මුදලට අදාළ බදු අයකර ගැනීම සඳහා නීති සැකසීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

අපනයන ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයින්, සමාගම් සහ විවිධ වෘත්තිකයින් විසින් උපයන ආදායම් සඳහා රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කරන බවට පැමිණිලි ලැබී ඇති බව පෙන්වමින් මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා විවිධ බදු උපදේශක සමාගම් සහ උපදේශකවරු රජයට ගෙවිය යුතු බදු වංචා කිරීම දිරිගන්වන ආකාරයේ ව්‍යාජ බදු වාර්තා සකස් කරන බවට පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.  

එම නිසා පවතින ආර්ථික අර්බුදය ගැන සලකා බලා කඩිනමින් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් එහිදී කීය.

Uncategorized

ශ්‍රීලනිප අර්බුදය : අධිකරණ නියෝග 2ක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා  අද (24) නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ද්‍ර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම අතුරු තහනම නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙත් ක්‍රියාත්මක වේ.

සර්චන්ද්‍ර මහතා 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර  මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද, ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු දැක්වීය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර විත්තිය විරෝධතා ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය. සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මාත් මේ සමග නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියේය.

මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙසද කොළඹ දිසා අධිකරණය අද (24) නියම කළේය.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබුණි.

Continue Reading

Uncategorized

නව පත්වීම් 8කට උසස් නිලතල පිළිබඳ කාරක සභා අනුමතිය

Published

on

By

නව තානාපතිවරයන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඒ අනුව වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා මහතා පත් කිරීමට සහ පෝලන්ත සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

එමෙන්ම තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ මහත්මිය සහ මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම මහත්මිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

එයට අමතරව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ මහතා පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න මෙනවිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් මහතා පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

Continue Reading

Uncategorized

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට

Published

on

By

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් බව සඳහන්ය.

ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අද (26) දින ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved