Connect with us

විදෙස්

ඉන්දියාව G20 සභාපතිත්වය භාරගනියි

Published

on

ඉන්දියාව ඊයේ (01) දින ඉන්දුනීසියාවේ සිට G20 සභාපතිත්වය නිල වශයෙන් භාර ගත්තේය.

මෙම අවස්ථාව සනිටුවහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැක්ම පිළිබඳව ලිපියක් පළ කර තිබේ.

සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සුවය, සහජීවනය සහ බලාපොරොත්තුව ඇති සභාපති ධූර කාලයක් අපේක්ෂා කරන බවයි.

ඉන්දියාව විසින් 2023 නොවැම්බර් 30 දක්වා G20 සභාපතිත්වය උසුළනු ඇත.

නොවැම්බර් 8දා මෝදි අග්‍රාමාත්‍යවරයා විසින්  ඉන්දියාවේ G20 සභාපතිත්වයේ නිල ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.

G20 සභාපතිත්වයේ තේමාව වන “වාසුධායිව කුටුම්භකම්” හෙවත් “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්” යන්න පෞරාණික සංස්කෘත ග්‍රන්ථයක් වන මහා උපනිෂද් ඇසුරින් ගන්නා ලද්දකි. මෙම තේමාව සියලු ජීවයේ එනම් මිනිස්, සත්ව, ශාක සහ වෙනත් ක්ෂුද්‍ර ජීව කොටස් හි අගය සහ පෘථිවිය මත සහ පුළුල් විශ්වය තුළ ඒවායේ අන්තර් සම්බන්ධතාවය පිළිඹිබු කරයි. එසේම එය වඩා පිරිසිදු, වඩා හරිත සහ නිල්වන් අනාගතයක් උදෙසා ගෝලීය වශයෙන් පරිවර්තනීය වෙනස්කම් වෙත මඟ පාදන පුද්ගල ජීවන විලාසිතා මෙන්ම ජාතික සංවර්ධනය යන මට්ටමෙන් පාරිසරික වශයෙන් තිරසාර, වගකීමක් සහිත තේරීම් හා සබැඳි “පරිසරය සඳහා ජීවන විලාසිතාව” (Lifestyle for Environment – LiFE) යන සංකල්පය ද මතුකර දක්වයි.

 G20 නිල ලාංඡනය ඉන්දියානු ජාතික ධජයේ තැඹිලි, සුදු සහ කොළ යන විචිත්‍ර වර්ණයන්ගෙන් ද නිල් පැහැයෙන් ද සමන්විත වේ. අභියෝග මැද වර්ධනය පිළිඹිබු කරන ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මල පෘථිවි ගෝලය සමඟින් යොදා ඇත. පෘථිවි ගෝලය ස්වභාව ධර්මය හා පරිපූර්ණ වශයෙන් සුසංයෝගී වන ජීවිතය සඳහා ඉන්දියාවේ පෘථිවි හිතකාමී ප්‍රවේශය පිළිඹිබු කරයි. G20 ලාංඡනයට පහළින් “භාරත්” යන වචනය දේවනාගරි අකුරින් දක්වා ඇත.

 නිල ලාංඡනය සහ තේමාව ඉන්දියාවේ G20 සභාපතිත්වයේ කේන්ද්‍රීය අවධානය පැහැදිලිව සහ ශක්තිමත්ව ගෙන හැර දක්වයි. G20 සභාපතිත්වය සඳහා ඉන්දීය අනන්‍යතාවයකින් යුත් ප්‍රවේශය මෙම අභියෝගාත්මක කාලයේදී අවට පරිසර පද්ධතිය සමඟ සුසංයෝගයෙන් ජීවත් වීම සහ ලොව සැමට තිරසාර, සාකල්‍ය, වගකීම් සහගත සහ සැවොම ඇතුළත් වන අයුරින් සාධාරණ සහ සමාන වර්ධනය ළඟා කරගැනීම අවධාරණය කරයි.

G20 සභාපතිත්වය අන්තර්ජාතික වැදගත්කමකින් යුත් වැදගත් ගැටළු පිළිබඳ ගෝලීය න්‍යාය පත්‍රයට දායකත්වය ලබා දීමට ඉන්දියාවට අවස්ථාවක් හිමි කර දේ. එසේම ඉන්දියාවේ G20 සභාපතිත්වය 2022 අගෝස්තු 15වන දින 75වන නිදහස් දින සංවත්සරයෙන් ඇරඹී 2047 වර්ෂයේ සියවන නිදහස් දිනය දක්වා වන වසර 25ක “අම්රිත්කාල්” කාලය ඇරඹීම ද සනිටුහන් කරයි. මෙය මානුෂවාදී ප්‍රවේශයක් කේන්ද්‍ර කරගත් අනාගතවාදී, සෞභාග්‍යමත්, සැවොම ඇතුළත් වන සහ සංවර්ධිත සමාජයක් උදෙසා යන ගමනකි.

G20 සභාපති ධූරය හොබවන කාලය තුළ  ඉන්දියාව රට පුරා විවිධ ස්ථානයන්හි විවිධ ක්ෂේත්‍රයන් 32කට අදාළ හමු 200ක් පමණ පවත්වනු ඇත.G20 රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 9-10 නව දිල්ලියේ දී පැවැත්වෙනු ඇත. බංග්ලාදේශය, ඊජිප්තුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, සිංගප්පූරුව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ‘ආරාධිත රටවල්’ ලෙස ආරාධනා ලබනු ඇත.

කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

By

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Continue Reading

විදෙස්

නාවික හමුදා හෙලිකොප්ටර් අනතුරෙන් 10ක් මරුට

Published

on

By

පුහුණුවීමක් අතරතුරදී මැලේසියාවේ නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක හා ගැටීමෙන් අනතුරුව අනතුරට පත්ව තිබේ. 

එම අනතුරින් එම යානා වල සිටි කාර්ය මණ්ඉල සාමාජිකයන් දස දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ එරට රාජකීය නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading

විදෙස්

ඉන්දීය මහ මැතිවරණය හෙට

Published

on

By

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුව වෙනුවෙ නියෝජිතයින් තෝරාගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ හෙට දවසේදීය.

ඒ අනුව මෙම  මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. 

හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. 

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved